සිතීමට හැකි මොළයක් තිබීම නිසා මානවයා අන් සතුනට වඩා බුද්ධිමත් වූ බව සඳහන් වේ. මිනිසා සතු අවබෝධ කිරීම, ධාරණ ශක්තිය, නිර්මාණශීලි බව, තීරණ ගැනිමේ හැකියාව වැනි සියලුම බුද්ධිමය ලක්ෂණ චින්තන හැකියාවේ ප්‍රතිපලයන් බව බෞද්ධ දර්ශණය, මනෝ විද්‍යාව, ස්නායු විද්‍යාව, බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව (Artificial Intelligence – AI) වැනි විෂයන් විසින් ද සනාථ කර තිබේ.

AI විෂය ක්ෂේත්‍රය විසින් ස්වාභාවික බුද්ධිය පිළිබඳ ආකෘති පරිගණක ගතකර බුද්ධිමය යන්ත්‍ර සාදන යුගයක අපි සිටිමු. යම් ලෙසකින් මිනිසා බුද්ධිමය යන්ත්‍ර වල වහලෙකු වුවහොත් බලවත් රටවල් කිහිපයක් බොහෝ ධනවත්වී බහුතරයක් මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවන් පහල යෑම වැලකිය නොහැක.
මෙම සටහන තබන මා මොරටුව විශ්ව විද්‍යාලයෙහි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව කටයුතු කරන ජේෂ්ඨ මහාචාර්ය වරයෙකි. කැමති දේ සිතීම සිතේ ස්වභාවය යන සංකල්ලයට අනුව, විෂයන් පිළිබඳ කැමැත්ත (රසාස්වාදය) උපදවා එමගින් සිතීමට සිසුන් යොමු කරවීම මා කලක සිට කරගෙන යනු ලැබේ.
මහාචාර්ය අසෝක කරුණානන්ද, ජේෂ්ඨ මහාචාර්ය, මොරටුව විශ්ව විද්‍යාලය
.