
ඉලෙක්ට්‍රොනික්ස් සමඟ යහළුවීම නැතහොත් Friendly with Electronics යනු රසාස්වාදය තුලින් සිතීමේ හැකියාව වර්ධනය කරමින් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනීමට සැකසූ අපූරු නිර්මාණයකි. මෙම කට්ලයට ඉලෙක්ට්‍රොනික්ස් උපාංග සහිත මෙවලම් පෙට්ටියක් හා පොත් පිංචක් ඇතුලත් කර තිබේ. වෙළඳ පොලෙහි හමුවන ඉලෙක්ට්රොනිස් කට්ටල වලට වඩා මෙම ක්ලය ආාර කිහිපයකිම වෙනස් වේ.
- කියවීමේ ආසාව ඇති කරවීම පිණිස, විශේෂ කරුණු වර්ණවත් අකුරු වලින් මතුකර පොත් පිංච ලියා ඇත. ආසා දේ සිතීම සිතේ ස්වභාවය නිසා, අසාවෙන් කියවන දේ ගැන සිතන්නට පෙළඹී අදාල කරුණු මැනවින් වටහා ගැනීමට හැකිවේ. මෙම සටහන තුලද මා නිල්පාටින් මතු කළ වචන ඔස්සේ ඔබට සිතුවිලි පහළ වේ. අද සිසුන් කෙරෙන් ගිලිහී යන කියවා තේරුම් ගැනීමේ නොහැකියාවට මෙම කට්ටලය උපකාරයකි.
- පිළිවෙලට වැඩ කිරීමද චින්තින හැකියාව ප්‍රවර්ධනයට කෙලින්ම බලපාන සාධකයකි. මෙම කට්ටලය තුල පිළිවෙලට වැඩ කිරීම පිළිබඳ විවිධ උපක්‍රම දැකිය හැක. චින්තන ශක්තිය වර්ධනය වන විම නිසා වටහා ගැනීමේ හැකියාව, මතකය, පර්යේෂණ ඤාණය, ගැටළු විසඳීමේ නුවණ, ඇල්ගොරිතමික චින්තය වැනි බොහෝ බුද්ධිමය හැකියාවන් ඇතිවේ. පිළිවෙලට වැඩ කරන සිසුන් වඩා බුද්ධිමත් බව පෙනී යයි.
- පරිපථ සඳහා අභ්‍යාස ඇතුලත් කර ඇතතේ සිතීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ තවත් උපක්‍රමයක් ලෙසටය. සමහර ළමයි ඉගෙන ගන්නා විට සිතීමට සිදුවන වන කොටස් මඟ හරින නිසා, පරිපථ වලට අදාල අභ්‍යාස ජේද තුලම සඟවා ඇත. මෙවිට සිසුන් නොදැනුවත්වම සිතමින් පරිපථ අධ්‍යනය කිරීමට යොමු වේ.
- ෆෝන් චාජර්යකින් විදුලිය සැපයිය හැකි ලෙස පරිපථ නිර්මාණය කර ඇති නිසා බැටරි සඳහා වියදමක් නොමැත. චාර්ජර් කේබලය සවිකිරීම සඳහා බහුලව භාවිතා වන USB Type B සොකටයක් බ්‍රෙඩ් බෝඩ් එකට සවිකර ඇත.
කට්ටලය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට හා එය ඇණවුම් කිරීමට YouTube වීඩියෝ එක බලන්න.