පරිණාමයෙහි අසිරිමත් නිර්මාණය

අවුරුදු මිලියන ගණනක් තිස්සේ ප්‍රධාන පියවර තුනක් ඔස්සේ ජීවීන්ගේ මොළය පරිණාමය විය. ප්‍රාථමික උරග මොළයේ සිට ප්‍රතික්‍රියාශීලි වඳුරු මොළය හරහා සිතීමේ හැකියාවෙන් යුතු මානව මොළය බිහිවීම ස්වභාව ධර්මයේ අසිරිමත් සිදුවීමකි. සිතීමේ  හැකියාව වර්ධනය කළයුතු දෙයකි. අප කතා කරන අවබෝධය, ධාරණ ශක්තිය, ගැටළු විසඳීම, පුුුුුරෝකථන හැකියාව නිර්මාණශීලි බව වැනි බුද්ධිමය ලක්ෂණද  සිතීමේ හැකියාවේ ප්‍රතිපල බව සනාථ වී තිබේ.

සිසුන් ගේ චින්තන හැකියාව ප්‍රවර්ධනය අධ්‍යාපනයේ අරමුණ බව වරක අයින්ස්ටයින්ද පවසා තිබුණි. කැමති දේ සිතීම සිතේ ස්වභාවයයි. මේ අනුව යමින්, විෂය පිළිබඳ රසාස්වාදය උපදවා සිසුන්ගේ චින්තන ශක්තිය අවදිකරවීම යන සංකල්පය මෙම වෙබ් අඩවිය ඔස්සේ හඳුන්වා දෙනු ලැබේ.